Rasam | රසම්
අතිශයින්ම ගුණ දායක පානයක් වන රසම් පානය නිවැරදිව හදමු
Ingredients
- හොදින් තලාගත් සුදු ලූණු බික් 10
- සියඹලා තලපය තේ හැදි 1
- අබ ඇට තේ හැදි 1/4
- කහ තේ හැදි 1/4
- සුදුරු තේ හැදි 1/4
- කුඩු කර ගත් ගම්මිරිස් තේ හැදි 1/4
- කොත්තමල්ලි තේ හැදි 1/4
- පරිප්පු කෝප්ප 1/2
- රතු මිරිස් 3
- වතුර කෝපප 03
- ගී තේ හැදි 03
- තක්කාලි 02
- රස අනුව ලුණු
- කරපිංචා කොළ
Instructions
- පරිප්පු තේ හැදි 1 ක්, කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්, රතු මිරිස් හා සුදු ලූණු වලින් භාගයක් විනාඩියක් බැදගෙන ලිපෙන් ඉවතට ගන්න. මෙම මිශ්‍රණය තලපයක් වන තුරු කුඩුකර ගන්න.
- භාජනයක් ලිප තබා වතුර කෝප්පයක්, සියඹලා තලපය, තක්කාලි, කහ, ඉතිරි සුදු ලූණු හා රස අනුව ලුණු යෙදු මිශ්‍රණය නටවා ගන්න.
- දැන් කලින් සකස් කර ගත් පරිප්පු මිශ්‍රණය හා වතුර එයට එකතු කරගන්න. පරිප්පු හොදින් ඉදෙන තුරු තම්බා ගන්න .
- වෙනත් බදුනක් ලිප තබා රත් කරන්න .අබ පුපුරන විට ලිපෙන් ඉවතට ගෙන ඉහත මිශ්‍රණය එකතු කරන්න. දැන් ඔබට කරපිංචා වලින් රසම් බදුන සරසන්න පුලුවන් .