Pineapple cake|පයිනැපල් ගැටෝ
Pineapple cake, is a sweet traditional Taiwanese pastry containing butter, flour, egg, sugar, and pineapple jam or slices.
Ingredients
- පිටි 120g
- සීනි 120g
- බිත්තර 6
- බේකින් පවුඩර් 1tsp
- වැනිලා 3tsp
- විප් ක්‍රීම් 250ml
- අයිසින් සීනි 3tbsp
- අන්නාසි ගෙඩියක්
- සීනි 1cup
- වතුර 1/2 cup
- කුරුදු පොතු කෑල්ලක්
- බ්‍රැන්ඩි 2tbsp (කැමති නම් විතරක්)
Instructions
- පළමුවෙන්ම පිටි සහ බේකින් පවුඩර් 3 වරක් හලාගන්න.
- බිත්තර සුදු මද ,කහ මද වෙන් කරගෙන,සුදු මද වලට සිනි ප්‍රමාණ වලින් බාගයක් දමා භාජනය අනිත් පැත්ත හැරවුවාම වැටෙන්නෙ නැති වෙනකන් හොදින් බීට් කරන්න.
- ඉන්පසු කහ මද වලට ඉතිරි සීනි ටිකත් එකතු කර ක්‍රීම් වගේ වනතුරු බීට් කරන්න.
- එයටම පිටි එකතු කර බීට් කරන්න. දැන් එයට සුදු මද දෙපාරකට එක් කරමින් වැනිලාත් එකතු කර පත්තකින් කලවම් කරන්න.
- බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් දමා මිශ්‍රණය දමා අවන් එකේ 150 c විනාඩි 35ක් බේක් කර,එලියට ගන්නෙ නැතිව තවත් විනාඩි 20ක් පමණ තබා නිවෙන්න තියන්න.
- දැන් මේ හදා ගත්ත ස්පොන්ජ් කේක් එක හොදින් නිවෙන්න තබා,කොටස් 3කට වෙන් කර ගන්න.
- දැන් සීනි ටිකට වතුර දමා හොදින් උණු කරගන්න.ඒ ටික උණු උනාම පොඩිවට කපා ගත්ත අන්නාසි ටික එකතු කර උතුරගෙන එනවිට අන්නාසි කැබලි හා අන්නාසි සිරප් ටික වෙන් කරගන්න.
- දැන් සිරප් ගත් කේක් කැබලි මතට වත් කර කේක් එක හොදින් තෙමා ගන්න,ඊට් උඩින් බ්‍රැන්ඩි ත් වත් කර ගෙන,ඒ මත අන්නාසි කැබලි තබා විප් ක්‍රීම් එක සාදන තුරු ෆ්‍රිජ් එකෙ තබන්න
- දැන් ෆ්‍රිජ් එකේ පැය බාගයක් පමණ භාජනය හා බීටරෙ බීට් කරන කැබලි 2ක තබා බීට් කරන්න පටන් ගන්න.
- විනාඩි පහක් පමණ විප් ක්‍රීම් එක බීට් උන පසු අයිසින් සීනි ටිකත් දමා හොදින් බීට් කරන්න ,ඉස්සුවම වැටෙන්නෙ නැති වන තුරු.
- එක ෆ්‍රිජ් එකෙන් තියලා පැය භාගයක් පමණ තබා කපා ගත්ත කේක් කෑලි මත අන්නසි කෑලි තබා එකින් එක විප් ක්‍රීම් තවරමින් උඩින් තබා ගන්න.
- දැන් කැමති විදියට ලස්සන කරගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ පැය 12ක් වගෙ තියලා කෑමට ගන්න