Kithul Jaggery Watalappan හකුරු වටලප්පන්

Kithul Jaggery Watalappan

Kithul Jaggery Watalappan හකුරු වටලප්පන්

සෑම ලොකු කුඩා බොහෝ දෙනා ඉතාමත් ප්‍රිය කරන දෙයක් තමයි අතුරුපසක් තමයි වටලප්පන් කියන්නේ. කිතුල් හකුරු යොදාගෙන හදලා බලන්න

  • 400  g ගා ගත් කිතුල් හකුරු
  • 320 ml උකු මිටිකිරි
  • 8 බිත්තර
  • චුට්ටක් ලුණු
  • 8 කරල් කරදමුංගු

ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න.බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න.ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න.වටලප්පම ස්ටීම් කරන භාජනය ගෙන එහි අඩියට වෙනම අරන් තියාගත් හකුරු 100 අතුරාගන්න.එයට උඩින් වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්.වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න.

Article Tags:
·
Article Categories:
Desserts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..