Marshmallow Pudding | මාෂ්මෙලෝ පුඩිං
Marshmallow is a type of confectionery that is typically made from sugar, water and gelatin whipped to a squishy consistency.
Ingredients
- බිත්තර සුදුමද (5) 150 g
- ජෙලටින් 15 g ( මේස හැඳි1)
- සීනි 75 – 100 g
- ඇල් වතුර 100g
- කලරිං
- වැනිලා තේ හැඳි 1/2
- දෙහි බිංදු කීපයක්
Instructions
- ජෙලටින් ,වතුර 100 ml ට දමා විනාඩි 10 ක් පෙඟෙන්න තියන්න. ඉන්පසු උනුවතුර භාජනයක තබා ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න .
- වියලි භාජනයකට බිත්තර සුදු මද දමා , දෙහි බිංදු කීපයක් දමා හොඳින් බීට් කරන්න .
- ඉන්පසු සීනි ටික ටික දමමින් මිශ්‍රණය ඝන (stiff ) වනතුරු බීට් කරන්න. වැනිලා එක්කරන්න.
- මිශ්‍රණය කොටස් කීපයකට බෙදා අවශ්‍ය වර්ණ දමා මිශ්‍ර කරන්න .
- අවශ්‍ය පරිදි වර්ණ ගලපා භාජන වලට දමා ශීතකරණයේ තබන්න.