Bread Pudding පාන් පුඩිම

Bread Pudding

Bread Pudding පාන් පුඩිම

Bread pudding is a bread-based dessert popular in many countries. ගොඩක් අඩු වියදමෙන් වගේම අඩු කාලයකින් පිළියෙල කරගන්න පුළුවන් අතුරුපසක් තමයි පාන් පුඩිම කියන්නේ.

  • 100   මිලි ලීටර් කිරි
  • 2 බිත්තර
  • 125   ග්‍රෑම් සීනි
  • 4 පෙති පාන්
  • 10  ග්‍රෑම් වියලි මිදි
  • කුඩු චුට්ටක් සාදික්කා (කැමති නම්,තියෙනව නම් විතරක්)

මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150c උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්නවිනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..