Japan Style rice| ජපන් ක්‍රමයට බතක්
- සම්බා කිලෝ 2 යි
- ඉස්සන් ග්‍රෑම් 500
- ළූණු කොළ ග්‍රෑම් 400
- රට ළූණු ග්‍රෑම් 200
- එළඟිතෙල් ග්‍රෑම් 200
- ගම්මිරිස්
- කරාඹුනැටි
- එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2
- ලුණූ ස්වල්පයක්
ඉස්සන් සුද්ධ කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න. ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.