Watalappan ice cream වටලප්පන් අයිස්ක්‍රීම්

Watalappan Ice Cream

Watalappan ice cream වටලප්පන් අයිස්ක්‍රීම්

උකුකිරි (Milkmaid) නැතුව හදන වටලප්පන් අයිස්ක්‍රීම්.

  • 1/2 පයින්ට් පොල්කිරි
  • 6 අවුන්ස හකුරු
  • 1 තේ හැදි ජෙලටින්
  • 1 අවුන්ස කජු 
  • 2 අවුන්ස තරමක් නිවුණු උණු වතුර
  • 2 බිත්තර 
  • 1 තේ හැදි වැනිලා

හකුරු සිහින්ව සූරාගන්න ඉන්පසු පොල් කිරි භාජනයකට දමා ලිප තබන්න.පොල් කිරි පෙරාගැනීමේදී පොල් කුඩු නොයන පරිදි පෙරාගත යුතුයි. එයටම බිත්තර කහමද හා සූරාගත් හකුරු එක්කර ලිප තබා මිශ්‍රණය ගොරෝසු වනතුරු හොඳින් හැඳිගාන්න. ඉන්පසු ළිපෙන් බා නිවෙන්නට හැර වැනිලා හා දියකරගත් ජෙලටින් එක්කර හොඳින් ගසා ගන්න. බිත්තර සුදු මද හොඳින් හොඳින් ගසාගන්න. බිත්තර සුදු මද ඉහත මිශ්‍රණයට ක්‍රමයෙන් එකතු කරන්න. මෙම මිශ්‍රණය පදම් වනතුරු ශීතකරණයේ තබන්න. ඉන් පසුව ඉවතට ගෙන නැවත නැවත ගසාගන්න. පසුව නැවත මිශ්‍රණය ශීතකරණයේ තබන්න. මේ ආකාරයට තුන් වරක් පමණ මිශ්‍රණය හොඳින් ගසා ශීතකරණයේ තබා සංග්‍රහ කරන අවස්ථාවේදී ඉවතට ගන්න.

Article Categories:
Desserts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..