Sheer Pira ශිර් පිරා
Afghan sweets (sheer pira).
Ingredients
- සීනි කප් 1
- වතුර කප් 1
- පිටි කිරි කප් 2
- රට කජු හෝ තිබේ නම් Dry Fruit
- කරදමුංගු 2
- කුරුදු පොතු කැබැල්ලක්
Instructions
- සීනි,වතුර, කරදමුංගු හා කුරුදු පොතු කැබැල්ල භාජනයකට දමා ලිප තබා හැදි ගාමින්රත් කරන්න.
- ටික වේලාවකින් කුඩා බුබුලු දැක ගැනීමට හැකිවේ. විශාල බුබුලු මතු වන තෙක් ඔබ දිගටම හැදි ගාමින් රත් කරන්න.
- විශාල බුබුලු මතු වන විට ඔබට පැණිවල නූල් ඇදෙන ස්භාවය දැක ගත හැක. දැන් කරදමුංගු හා කුරුදු ඉවත් කරන්න.
- එවිට පිටි කිරි එක් කරමින් දිගටම හැදි ගාන්න.
- දැන් රට කජු හෝ තිබේ නම් Dry Fruit දමන්න.
- මිශ්‍රණය ඝණකම් වන විට ලිපෙන් බා තැටියක දමා ශිතකරණයේ තබන්න.
- ඉන් අනතුරුව කෑලි වලට කපා ගන්න.