Mayonnaise මයෝනිස්
Mayonnaise, informally mayo, is a thick cold condiment or dressing commonly used in sandwiches and composed salads or on French fries.
Ingredients
- බිත්තර කහ මද 03ක්
- තෙල් 300ml සුරියකාන්ත තෙල්,කැනොලා ඔයිල් , තල තෙල් නැතිනම් පොල්තෙල්,එළවළු තෙල් උනත් ගත හැකියි.
- අඹරගත් අබ තේ හැඳි 1/4 – 1/2 පමණ රස අනුව අඩු වැඩි කරගන්න
- ලෙමන් යුෂ මේස හැඳි 01ක් පමණ රස අනුව අඩු වැඩි කරගන්න
- අඹරගත් සුදුළුණු බික් 1-2ක්
- ලුනු
- ගම්මිරිස් කුඩු
Instructions
- මුලින්ම බිත්තර කහ මද ටික පිරිසිදු වියළි භාජනයකට දමා ගන්න.
- දැන් එකටම අඹරපු අබ ටිකයි සුදුළුනුයි දාගෙන කවලම් වෙනකන් යන්තමින් බීට් කරන්න. ඉට පස්සේ බොහොම හිමින් තෙල් වක්කරන ගමන් උකු වී ගෙන එනකන් හොඳට බීට් කරන්න.(දිගටම නොනවත්වා බීට් කල යුතුයි.)
- මිශ්‍රණය හොඳට උකු,මතුපිටින් දිලිසෙන,ඝනකම් ක්‍රීම් ගතියට එනකන් හොඳින් බීට් කරන්න.
- අන්තිමට රස අනුව ලෙමන්,ලුනු,ගම්මිරිස් එකතු කර කවලම් වෙනකන් යන්තමින් බීට් කර, ශීතකරණයේ දමන්න.
- මෙය ශීතකරණයේ සතියක් පමණ තබා ගත හැක.හැම විටම බීට් කරන විට එකම අතට බීට් කල යුතුයි.