Paneer Cheese පන්නීර් චීස්

paneer cheese hot oven sinhala Food Recipe

Paneer Cheese පන්නීර් චීස්

ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව ලේසියෙන්ම පනීර් හදමු Paneer is a fresh cheese common in the Indian subcontinent.
Course Side Dish
Cuisine Aisan

Equipment

  • කිරි රත් කිරීමට භාජනයක්
  • කිරි පෙරීමට කුඩා සිදුරු සහිත රෙදි කැබැල්ලක්.
  • කුඩා තැටියක්
  • බර තැබීමට අවශය දේ

Ingredients
  

  • සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 01
  • කෝප්ප 1/4 විනාකිරි හෝ දෙහි යුෂ
  • ලුණු ස්වල්පයක්
  • අවශයනම් ගම්බිරිස් කුඩු ස්වල්පයක්

Instructions
 

  • මුලින්ම කිරි ටික භාජනයකට දමා පැය භාගයක් පමණ හොදින් රත් කර ගන්න මෙහිදී කිරි කැට් ගැසීම වැලැක්වීමට කිරි ටික හොදින් හැදිගෑම අවශයවේ.
  • පැය භාගයකට පසු විනාකිරි ස්වල්පය බැගින් කිරි එකට එක් කරන්න , මෙහිදී කීරි කැටි ගැසීම හා වතුර කොටස වෙන්වීයාමක් සිදුවේ 
  • සියලුම මේද කොටස කිරිවලින් වෙන්වීගියපසු කිරිටික භජනයෙන් ඉවත් කර ගන්න.
  • භාජනයෙන් ඉවත් කල කිරි ටික කුඩා සිදුරු සහිත රෙදි කැබැල්ලෙන් පෙරීම සිදු කරන්න.එවිට මේද කොටස ඉතිරිවී වතුර කොටස ඉවත්වී යාම සිදුවේ,
  • එකතුවූ මේද කොටස ගලායන සිසිල් වතුරෙන් සෝදා හැරීම මගින් විනාකිරි ඉවත් කල හැක.නැවත රෙදි කැබැල්ලට දමා හොදින් මිරිකා ජලය ඉවත් කර ගන්න.
  • හොදින් සෝදා විනාකිරි ඉවත් කල පසු මේද කොටස( curdled milk ) භාජනයක්ට දමා හොදින් පොඩිකර ගන්න . මේ සමග අවශය ප්‍රමණයට ලුණු එක් කරන්න. හොදින් කුඩාවට මිරිකීම හා කැඩීම මගින් curdled milk කොටස පොඩිකර ගන්න.
  • පසුව මෙම හොදින් කුඩාවට පොඩිකර ගත් curdled milk තැටියකට දමා එය තුනී කර ගන්න.
  • පසුව එම තුනීකර ගත් curdled milk මතට රෙදි කැබැල්ලක් තබා හොදින් බර තබා තද කර ගන්න . තද කිරීම සාර්තක වූ විට චීස් කොටස කැඩීයාම වලකී.
  • පැයකට පමණ පසු මෙම චීස් කෑලි වලට කපා ගැනීමට හැක.
  • මෙම පන්නීර් චීස් refrigerator තුල දින 3-4 days හෝ freezer තුල මාස 3 කාලයක් තබා ගත හැක.
Keyword Cheese, Paneer Cheese, sinhala recipe, පන්නීර් චීස්

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..