Polos Roti පොලොස් රොටී
Polos Roti
- තරමක පොලොස් ගෙඩියක්
- පාන්පිටි ග්‍රෑම් 250ක්
- ලුණු මේස හැන්දක්
- බී ළූණු ගෙඩි 1ක්
- අමුමිරිස් කරල් 2ක්
තම්බාගත් පොලොස් කෑලි පොඩි කරගන්න. ඒකට හීනියට කපාගත් අමුමිරිස් හා බී ළූණු එකතු කරගන්න. ලුණුකුඩු හා පාන්පිටි පොලොස් මිශ්‍රණයට එකතු කරගන්න. දැන් ඇති පදම් වතුර දා අතේ නොඇලෙන ගාණට රොටී මෝලිය අනාගන්න.
රොටී තැටිය ලිපේ තියලා එකින් එක රොටී පුච්චගන්න.




