Mango Curry අඹ ඇබුල
Sinhalese mango curry (amba maluwa)
- අමු අඹ ගෙඩි 5 (තම්බාගත්)
- අබ ඇට tsp 1 1/2
- මිරිස් කුඩු tsp 3
- කහ කුඩු tsp 2
- තුනපහ කුඩු tsp 3
- කපාගත් ලූනු 1
- අමු මිරිස් කරල් 1-2 කපාගත්
- කරදමුංගු – කුඩුකරගත් 3
- සුදු ලූනු, කරාබු නැටි 2
- අබරාගත් ඉගුරු 1/2''
- කුරුදු 2''
- සීනි tsp1
- පොල්කිරි 1/2
- තෙල් tsp
- ලුනු ගම්මිරිස් රස අනුව
- කරපිංචා
සාමානය ප්‍රමානයේ උදුනක් සාමානය ගින්දරින් රත් වෙන්න තබන්න. තෙල් වලට අබ ඇට දමා පුපුරන් විට ගින්දර අඩුකර කහ, මිරිස්, තුනපහ එක්කර තත්පර 20 පමන බැදෙන්නට හරින්න.
ඉන්පසු එයට ලූනු, අමු මිරිස්, සුදු ලූනු , කරපිංචා. කරාබු නැටි, ඉගුරු, කරදමුංගු, කුරුදු එක්කරන්න.
ටික වේලාවකින් තම්බාගත් අඹ එයට එක්කරන්න.
ලුනු රස අනුව එක්කරගන්න වි20 -30 පමන සාමානය ගින්දරින් වසා පිස ගෙන පොල්කිරි එයට එක්කර තවත් වි 3 පමන තබා සීනි එකතුකර තවත් ව්. 3 පමන තබා ලිපෙන් ඉවත්කරගන්න.



