Kos Pittu කොස් පිට්ටු කොස් පිට්ටු හරිම රස ගුණ කෑමක් කැකුළු හාල් පිටි ග්‍රෑම් 100 ක්පොල් ගෙඩියක ගාගත් පොල්කොස් ඇට පිටි ග්‍රෑම් 150ක්ලුණු රස අනුව පළමුව කැකුළු හාල් පිටි වලට කොස් ඇට පිටි කලවම් කරන්න. ලුණු ස්වල්පයක් ද මිශ්‍ර කරන්න. එයට පොල් ටික ටික මිශ්‍ර කර වතුර ටික අතගාමින් පිටි මිශ්‍රණය කැට කරන්න. සාමාන්‍ය පිට්ටු සකසන ආකාරයට කරන්න. ඉන්පසු පිට්ටු බම්බුවක ආධාරයෙන් තම්බා ගන්න. Article Tags: healthy · Kos Pittu · recipe · කොස් පිට්ටු Article Categories: Breakfast