Kabsa Rice|කබ්සා රයිස්

kabsa rice

Kabsa Rice|කබ්සා රයිස්

මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා. Kabsa is a spicy chicken and rice dish very popular in Saudi Arabia.

  • බාස්මති 2 කප් 
  • ඔලිව් ඔයිල් 2 tbs
  • බටර් 1 tbs
  • කරාබු නැටි 3-4
  • බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
  • කරදමුංගු ටිකක්
  • පොඩියට කපා ගත් ලුනු කප් 1
  • පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
  • ටොමැටෝ පේස්ට් 2tbs
  • පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
  • කොත්තමල්ලි කුඩු 2tbs
  • සුදුරු 1/2tsp
  • රස අනුව ලුණු
  • චිකන් ස්ටොක් අවශ්‍ය පමණ
  • ප්ලම්ස් හා කජු ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • සාමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g
  1. මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.

  2. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.

  3. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.

  4. පසුව එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.

  5. පසුව මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.

  6. අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.

Article Categories:
Bread And Rice

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..