Kabsa Rice|කබ්සා රයිස්
මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා. Kabsa is a spicy chicken and rice dish very popular in Saudi Arabia.
Ingredients
- බාස්මති 2 කප්
- ඔලිව් ඔයිල් 2 tbs
- බටර් 1 tbs
- කරාබු නැටි 3-4
- බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
- කරදමුංගු ටිකක්
- පොඩියට කපා ගත් ලුනු කප් 1
- පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
- ටොමැටෝ පේස්ට් 2tbs
- පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
- කොත්තමල්ලි කුඩු 2tbs
- සුදුරු 1/2tsp
- රස අනුව ලුණු
- චිකන් ස්ටොක් අවශ්‍ය පමණ
- ප්ලම්ස් හා කජු ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- සාමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g
Instructions
- මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
- පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
- පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
- පසුව එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
- පසුව මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
- අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.