Paneer Cheese පන්නීර් චීස්
ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව ලේසියෙන්ම පනීර් හදමු Paneer is a fresh cheese common in the Indian subcontinent.
- සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 01
- කෝප්ප 1/4 විනාකිරි හෝ දෙහි යුෂ
- ලුණු ස්වල්පයක්
- අවශයනම් ගම්බිරිස් කුඩු ස්වල්පයක්
මුලින්ම කිරි ටික භාජනයකට දමා පැය භාගයක් පමණ හොදින් රත් කර ගන්න මෙහිදී කිරි කැට් ගැසීම වැලැක්වීමට කිරි ටික හොදින් හැදිගෑම අවශයවේ.
පැය භාගයකට පසු විනාකිරි ස්වල්පය බැගින් කිරි එකට එක් කරන්න , මෙහිදී කීරි කැටි ගැසීම හා වතුර කොටස වෙන්වීයාමක් සිදුවේ
සියලුම මේද කොටස කිරිවලින් වෙන්වීගියපසු කිරිටික භජනයෙන් ඉවත් කර ගන්න.
භාජනයෙන් ඉවත් කල කිරි ටික කුඩා සිදුරු සහිත රෙදි කැබැල්ලෙන් පෙරීම සිදු කරන්න.එවිට මේද කොටස ඉතිරිවී වතුර කොටස ඉවත්වී යාම සිදුවේ,
එකතුවූ මේද කොටස ගලායන සිසිල් වතුරෙන් සෝදා හැරීම මගින් විනාකිරි ඉවත් කල හැක.නැවත රෙදි කැබැල්ලට දමා හොදින් මිරිකා ජලය ඉවත් කර ගන්න.
හොදින් සෝදා විනාකිරි ඉවත් කල පසු මේද කොටස( curdled milk ) භාජනයක්ට දමා හොදින් පොඩිකර ගන්න . මේ සමග අවශය ප්‍රමණයට ලුණු එක් කරන්න. හොදින් කුඩාවට මිරිකීම හා කැඩීම මගින් curdled milk කොටස පොඩිකර ගන්න.
පසුව මෙම හොදින් කුඩාවට පොඩිකර ගත් curdled milk තැටියකට දමා එය තුනී කර ගන්න.
පසුව එම තුනීකර ගත් curdled milk මතට රෙදි කැබැල්ලක් තබා හොදින් බර තබා තද කර ගන්න . තද කිරීම සාර්තක වූ විට චීස් කොටස කැඩීයාම වලකී.
පැයකට පමණ පසු මෙම චීස් කෑලි වලට කපා ගැනීමට හැක.
මෙම පන්නීර් චීස් refrigerator තුල දින 3-4 days හෝ freezer තුල මාස 3 කාලයක් තබා ගත හැක.




