Chicken Cake චිකන් කේක්
Chicken Cakes are made in a similar style to a crab cake.
Equipment
- අවන් එකක්
Ingredients
- පාන් පෙති 06
- චීස් ග්‍රෑම් 50
- අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 250
- ළූණු ග්‍රෑම් 100
- සුදු ළූණු සහ ගම්මිරිස් මේස හැඳි 01 බැගින්
- අමු මිරිස් කරල් 02
- ලුණු රස අනුව
- තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 300
- බිත්තර 03
- කිරි කෝප්ප 01
- තක්කාලි සෝස් මේස හැඳි 05
Instructions
- බටර් තැවරූ බඳුනක් ගෙන වාටි ඉවත් කළ පාන් පෙති අතුරන්න
- ඉන්පසු ග්‍රේට් කළ චීස්වලින් කොටසක් පාන් මත ඉසින්න
- බිත්තර තුන ගසා ගෙන එයට කිරි කෝප්පය එකතු කරන්න
- එයට ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් හා ලුණු ස්වල්පයක් එක්කර ගන්න
- තම්බා පොඩි කරගත් මස්වලට කැපු ළූණු, සුදු ළූණු, ගම්මිරිස්, අමු මිරිස් හා තක්කාලි සෝස් මේස හැඳි 02 ක් එකතු කර එම මිශ්‍රණය පාන් මතට දමන්න.
- එයට උඩින් නැවතත් චීස් ඉසින්න
- තම්බා පොඩි කරගත් අල දමා නැවතත් චීස් ඉසින්න
- අවසානයට බිත්තර හා කිරි මිශ්‍රණය උඩින්ම දමා ඉතිරි සෝස් ද එක්කර විනාඩි 45ක් පමණ බේක් කරගන්න