Chocolate Custard Marie Biscuit Pudding චොක්ලට් කස්ටර්ඩ් මාරි බිස්කට් පුඩින්

chocolate custard marie biscuit pudding Hot oven Sinhala Recipe

Chocolate Custard Marie Biscuit Pudding චොක්ලට් කස්ටර්ඩ් මාරි බිස්කට් පුඩින්

A sensational biscuit pudding recipe which is best enjoyed chilled on a hot summer afternoon.
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • උණු කිරි කෝප්ප 02ක් 
  • නිවුණු කිරි කෝප්ප 03ක්
  • කොන්ෆ්ලා තේ හැඳි 06ක් 
  • චොක්ලට් පවුඩර් තේ හැඳි 03ක්
  • සීනි මේස හැඳි 06ක්
  • වැනිලා බින්දුවක්
  • මාරි බිස්කට් 300g
  • බටර් මේස හැඳි 02ක් (මාගරින් ගන්නත් පුළුවන්)

Instructions
 

  • ලිපේ තියන්න පුළුවන් භාජනයකට චොක්ලට් පවුඩර්,කොන්ෆ්ලා,සීනි,බටර් දාලා මිශ්‍ර කරගන්න.
  • ඒකට නිවුණු කිරි කෝප්ප 03 දාලා හොඳට කවලම් කරන්න.
  • දැන්.ඒ මිශ්‍රණය සහිත භාජනය ළිපේ තියෙලා අඩු ගින්දරේ හැඳි ගාන්න.කැටි ගැහෙන්න දෙන්න එපා.
  • ටික ටික මිශ්‍රණය බුබුළු දාලා උකු වෙනකන්ම දිගටම හැඳි ගාන්න.
  • හොඳට ක්‍රීම් එකක් වගේ උකු උනාම ළිපෙන් බාගන්න.
  • අන්තිමට වැනිලා ටිකක් එකතු කරන්න.දැන් චොක්ලට් කස්ටඩ් එක හදලා ඉවරයි.
  • දැන් මාරි බිස්කට් උණු කිරි වල පොගවන්න.ගොඩක් පොගවන්න එපා එතකොට බිස්කට් කැඩෙනවා.
  • සුදුසු භාජනයක් ගෙන එය පතුලේ කිරිවල පෙගෙවූ මාරි බිස්කට් අතුරා ගන්න.
  • දැන් බිස්කට් වලට උඩින් කලින් සාදාගත් චොක්ලට් කස්ටඩ් එකෙන් තට්ටුවක් දමා ගන්න.
  • මාරුවෙන් මාරුවට කිරි වල පොගවපු බිස්කට් හා චොක්ලට් කස්ටඩ් දමා ගන්න.
  • අන්තිමටම චොක්ලට් තට්ටුවක් දාලා ඉවර කරන්න.
  • දැන් පැය 2-3 ක්   ශීතකරණයේ තබන්න.
Keyword sinhala recipe, චොක්ලට් කස්ටර්ඩ් මාරි බිස්කට් පුඩින්

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..