Polos Moju පොලොස් මෝජු
පොලොස් මෝජු වෙනස්ම අත්දැකීමක් වේවි
Ingredients
- පොඩියට කපාගත් පොලොස් – 500 g
- දෙකට පලාගත් අමුමිරිස් – 50 g
- රතු ලූනු – 250 g
- විනාකිරි අඬු කෝප්ප – 1/4
- අඹරා ගත් සුදු ලූනු – 10 g
- ගම්මිරිස් කුඩු තේ හැඳි – 1/2
- විනාකිරෙන් අඹරාගත් අබ – 10 g
- සීනි තේ හැඳි – 1
- පදමට ලුණු
- මිරිස් කුඩු තේ හැඳි – 2
Instructions
- මුලින්ම පොලොස් කුඩා කෑලිවලට කපා ලුණු ගම්මිරිස් සහ කහ දමා අතගා රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් ලූනු සහ ගම්මිරිස් ගෙන තෙලෙහි විනාඩියක් පමණ බැද ගන්න.
- පොලොස්, ලුණු, විනාකිරි සහ අමුමිරිස් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය එකට කළවම් කරගන්න. පසුව මැටි වළඳකට දමා එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ළිප තබා මද ගින්නෙ පිසගන්න.