Polos Geta Moru පොලොස් ගැට මෝරු
පොලොස් ගැට මෝරු
- ලපටි පොලොස් ගෙඩියක්
- රතුළූණු ගෙඩි 10ක් පමණ
- සුදුළූණු බික් 5-6
- අමුමිරිස් කරල් 4
- රම්ප, කරපිංචා
- එනසාල්, කරාබුනැටි
- කුරුඳුපොතු
- අබ ඇට
- මිරිස්කුඩු, තුනපහකුඩු
- දියකිරි කෝප්ප 1/2
- මිටිකිරි කෝප්ප 1
- රස අනුව ලුණු
මුලින්ම පොලොස් ගෙඩියේ පොතු අයින් කරගන්න. පසුව උල් සහිත පිහියකින් පොලොස් ගෙඩියේ දික් අතට හා හරස් අතර ඉරි ඇදගන්න. ඉන්පසු පෙති කපාගන්න.
දැන් භාජනයක් ලිපේ තියලා වතුරට ලුණු දාලා පොලොස් පෙති ටික තම්බගන්න. පෙති කැඩෙන්න දෙන්න එපා. රම්පෙ, කරපිංචා කබලේ බැදගන්න. එනසාල්, කරාබුනැටි, කුරුඳුපොතු, අබ ඇට සියල්ලම කබලේ බැද අඹරාගන්න.
භාජනයකට තෙල් දාලා රත් වෙනකොට රම්පේ, කරපිංචා, අමුමිරිස්, සුදුළූණු, රතුළූණු එකතු කර තෙම්පරාදු කරගන්න. මේකට කබලේ බැද අඹරාගත් එනසාල්, කරාබුනැටි, අබ හා කුරුඳුපොතු එකතු කරගන්න. පොලොස් කෑලි ටිකත් එකතු කරගන්න.
ඒකට මිරිස්කුඩු හා තුනපහකුඩු දාගෙන ඉන්පසු දියකිරි ටික එකතු කරන්න. දියකිරි හිඳුණු පසු මිටි කිරි එකතු කර හොඳින් උතුරවාගන්න. රස අනුව ලුණු දාගන්න.




