Kos Thosa|Dosa කොස් තෝසේ

Kos Dosa

Kos Thosa| Dosa කොස් තෝසේ

කොස් තෝසේ ගුණයෙන් පිරි කෑමක්

  • කොස් පිටි ග්‍රෑම් 250 ක් ((කොස් අව්වේ  වේලා කාෙටා ගන්න))
  • ලුණු රස අනුව
  • පොල් තෙල් තේ හැන්දක්
  • ලුණු ගෙඩියක්
  • වතුර කෝප්ප පහක්
  • සිහින්ව ලියාගත් කරපිංචා ස්වල්පයක්

පළමුව තෙල් ස්වල්පයක් බඳුනකට දමා ලිප තබා රත්කර එයට ළූණු, කරපිංචා දමා රන්වන් පැහැයට බැදගන්න. වෙනත් බඳුනක් රැගෙන එයට කොස් පිටි, ලුණු සහ වතුර කෝප්ප තුනක් දමා අනන්න. එය විනාඩි පහළොවක් පමණ පිපෙන්නට හරින්න. ඉන්පසුව තවත් වතුර කෝප්ප දෙකක් දමා අනා එයට තෙම්පරාදු කර ගත් මිශ්‍රණය දමන්න. තෝසේ සාදන තැටිය ලිප මත තබා රත්කර මිශ්‍රණය හැන්දකින් දමන්න. එය හැන්දෙන් තුනී කරන්න. දෙපැත්ත දමා පුච්චන්න.

Article Categories:
Breakfast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..