Beetroot wine බීට්රූට් වයින්
Beetroot wine is the easiest wine you could make and enjoy in 14 days. බිට්රූට් වයින් ගෙදර හදමු.
- බීට් රූට් කිලෝ දෙක හමාරක්
- දෙහි ගෙඩි හතරක හොඳින් මිරිකා ගත් යුෂ
- ඊස්ට් තේ හැඳි බාගයක්
- ඇට රහිත රේසින් ග්‍රෑම් 250
- වතුර බෝතල් හයක්
- පාන් පෙත්තක්
- කරාබු නැටි ස්වල්පයක්
- ආමන්ඩ් සුවද කුප්පි බාගයක්
- වැනිලා කුප්පි එකක්
මුලින්ම මද රස්නය ඇති වතුර ස්වල්පයකට ඊස්ට් යොදා හොඳින් කලවම් කර ඊස්ට් ද්‍රවණය සාදා පසෙකින් තබා ගන්න. ඉන් අනතුරුව බාගත් බීට්රූට් හොඳින් පොතුහැර පිරිසුදු ජලය සෝදා කුඩා කැබලි වලට කපා වතුර බෝතල් හයක් පමණ මිශ්‍ර කොට පිරිසිදු භාජනයක් තුළ තම්බා ගන්න. වතුර බෝතල් දෙකක් ප්‍රමාණයකට ජලය සිඳී ගිය පසු ලිප නිවා එම මිශ්‍රණය හොඳින් පෙරා ගන්න. ඉන් අනතුරුව පසෙකින් තබා එම ද්රාවණය හොඳින් නිවෙන්නට හරින්න. මෙහිදී ඊස්ට් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍යන් කට ලොකු වීදුරු හෝ පිඟන් මැටි බදුනකට දමන්න. පාන් පෙත්ත යන්තම් ටෝස්ට් කර ඒ මතට ඊස්ට් ද්රාවණය වක් කරමින් එම පාන් පෙත්ත බීට් රූට් වතුර මතට දමා කාමර උෂ්ණත්වය ඇති පිරිසිදු ස්ථානයක තිබෙන්නට හරින්න. දිනපතා දවසකට වරක් වත් පිරිසිදු ලී හැන්දක් භාවිතයෙන් භාජන තිබෙන ද්‍රව්‍ය හොඳින් හැඳි ගාන්න. දින දාහතරක් පහළොවක් පමණ ගත වූවාට පසු පෙරා පිරිසිදු බෝතල්වලට අසුරා ගන්න