Spanish Egg Tortilla ස්පැනිශ් එග් ටෝටියා

spanish egg tortilla hot oven sinhala food recipe

Spanish Egg Tortilla ස්පැනිශ් එග් ටෝටියා

Spanish tortilla is a traditional dish from Spain and one of the signature dishes in the Spanish cuisine.

  • බිත්තර 6
  • සිහින්ව පෙති කපාගත් අල ගෙඩියක්
  • සිහින්ව රවුම් කපාගත් ළූණු
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කොත්තමල්ලි කොළ ටිකක්
  • තෙල් මේස හැඳි 1 1/2
  1. නන්ස්ටික් භාජනයකට තෙල් එක කර රත් වෙන්න අරින්න. තෙල් වලට උඩින් අල සහ ළූණු පෙති ටික අතුර ගෙන ඒකට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගන්න.

  2. ගින්දර අඩු කර අල සහ ළූණු මෘදු වෙනකම් විනාඩි පහක් පමණ හරවමින් පිසගන්න.

  3. වෙනම බඳුනකට බිත්තර ටික කඩා එක් කරගෙන කොත්තමල්ලි කොළ ටික දමා, ලුණු ස්වල්පයක් එක් කරගෙන ගෑරප්පුවකින් ටිකක් ගසාගන්න.

  4. අල ටික පිසීගෙන එන කොට අල සහ ළූණු ටික පෑන් එකේ පැතලි කරන් ඒකට උඩින් බිත්තර මිශ්‍රණය දාගන්න. පියනකින් වහලා අඩුම ගින්දරේ බිත්තර ටික සෙට් වෙනකම් පිසගන්න. නිවුනට පස්සෙ අනිත් පැත්ත හරවාගෙන පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..