Aloe Vera Curry

Aloe vera Curry Hot Oven Sinhala Recipe

Aloe Vera Curry | කෝමාරිකා ව්‍යාංජනය

ශරීරයේ උෂ්ණත්වය වැඩි අයට මෙම කෝමාරිකා වැංජනය අතිශය ගුණ දායකයි

  • කෝමාරිකා පිති 04 ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක්
  • කහ කුඩු තේ හැඳි 01 ක්
  • තුනපහ කුඩු තේ හැඳි 01 ක්
  • බටර් තේ හැඳි 01 ක්
  • පොල් තෙල් තේ හැඳි 01 ක්
  • සිහින්ව කැපු අමු මිරිස් කරල් 01 ක්
  • සිහින්ව කැපු සුදු ළුණු බික් 01 ක්
  • බී ළූණු ගෙඩි 01 ක්
  • වතුර මිලි ලීටර් 150 ක්
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • රතු සහ කහ බෙල් පෙපර්

කෝමාරිකා පිති 04 ක් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. කෝමාරිකා පිත්තේ අඟල් හතරක පමණ ප්‍රමාණයක් කපා ඉවත් කර ගන්න. පසුව කෝමාරිකා මදය පමණක් ගැනීම සඳහා කොලපාට පොත්ත සූරා ඉවත් කරන්න. කෝමාරිකා මදය තරමක් සිහින් ව කපා ගෙන එය වතුර භාජනයක දමා විනාඩි 05 ක් පමණ තබන්න. ඉන්පසු භාජනයක් ලිප තබා රත් වන විට බටර්, ගම්මිරිස්, තුනපහ කුඩු දමා හොඳින් කලවම් කරන්න. විනාඩියකට පසු අමු මිරිස්, සුදු ළූණු සහ බී ළූණු දමා වතුර ටික එක් කරන්න. විනාඩි තුන හතරකට පසුව එයට කෝමාරිකා මදය එක් කරන්න. අඩු ගින්දරේ විනාඩි කිහිපයක් තබන්න. අවසානයේ මෙය අලංකාර කිරීමට බෙල් පෙපර් සිහින් කපා එක් කර ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..