Polos Cutlet පොලොස් කට්ලට්

Polos Cutlet

Polos Cutlet පොලොස් කට්ලට්

පොලොස් කට්ලට්. සොස්ජස් පරාදයි මෙව්වට. හරියට හදාගත්තොත් ඉතින් හැමදාම වුණත් මේසෙට එයි

  • තම්බා පොඩි කර ගත් පොලොස් 250g 
  • කපා ගත් ලොකු ළූණු 150g 
  • තම්බා පොඩි කර ගත් අල 200g 
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කහ තේ හැඳි 1/2
  • ගම්මිරිස් තේ හැඳි 1
  • කරපිංචා ඉත්තක්
  • අමුමිරිස් කරල් 2
  • සුදු ළූණු බික් 3
  • දෙහි යුෂ මේස හැඳි 1
  • ලුණු පදමට
  • පාන් පිටි 100g (බැටර් එක සෑදීමට)
  • වතුර ස්වල්පයක් (බැටර් එක සෑදීමට)
  • පාන් කුඩු (බැටර් එක සෑදීමට)
  • තෙල්
  1. භාජනයක් ගෙන තෙල් තේ හැඳි 3ක් පමණ ලිපේ තබා රත් වූ පසු ළූණු, සුදු ළූණු සහ කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න.

  2. ලූණු ඉදෙන් සුවඳ එන විට එයට අල, පොළොස්, ලුණු, අමු මිරිස්, කහ සහ ගම්මිරිස් දමා එකිනෙක හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරමින් විනාඩි 3-5ක් පිස ගන්න.

  3. ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එකතු කරන්න.

  4. මද රස්නේ තියෙද්දී කුඩා බෝල සදා ගන්න.

  5. පිටි වලට ලුණු සහ වතුර එකතු කර උකු මිශ්‍රණයක් සදා ගන්න.

  6. පසුව පොළොස් බෝල පිටි මිශ්‍රණයේ පොගවා පාන් කුඩු වල තවරන්න

  7. රත් වූ ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තෙක් බැද ගන්න.

Article Categories:
Side Dish

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..