Asmi ආස්මී

Asmi

Asmi ආස්මී

තේ මේසය හැඩ කරන ඉතා අලංකාරවත් රසවත් සාම්ප්රදායිකව සැකසූ ආස්මී…  A Traditional Sri Lankan Sweet "Asmi''

  • හාල්පිටි 1kg
  • දවුල් කුරුදු කොළ ටිකක් ((මේ  වෙනුවට බණ්ඩක්කා ශ්‍රාවය ද ගත හැක))
  • පොල් බෑයක පමණ කිරි ( (කෝප්ප 02))
  • පැණි බෝතල් 1/2 ((උණු කල සීනි 500 g))
  • පොල් තෙල්
  1. හාල් කොටා කීපවාරයක් හලා ගන්න. පොල් කිරි ලූණු සමග මිශ‍්‍රකර ඝන මිශ‍්‍රණයක් සාදා ගන්න. දවුල් කුරුදු කොළ වලට වතුර ටිකක් දමා කොටා ඉස්ම මිරිකා ගන්න. (නානු මෙම නානු පිටි මිශ‍්‍රණයට දමා කළවම් කරගන්න. මිශ‍්‍රණයද නානු ගතියෙන් යුක්ත වීමට වග බලා ගත යුතුය.

  2. තෙල් තාච්චියක් ලිප තබා මිශ‍්‍රයෙන් ස්වල්පයක් ගෙන ආස්මී හැන්දෙන් තෙල් තාච්චියට රවුම් කීපයක් සිටින සේ වක්කර දැලක් සේ සාදාගන්න. ඉන්පසු එය කෙට නමා කෙළවර තදකර ගන්න. අනෙක් පැත්තද හරවා බැදගන්න. ඉන්පසු දවස් 2-3 ක් තබාගෙන නැවත වරක් බැද ඒවා මත මෝසතරයකට උණු කළ පැණි හෝ සීනි (කැමති නම් වර්ණ ගැන්විය හැක) වක් කරන්න.

Article Tags:
· ·
Article Categories:
Sweets

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..