Fried Polos Deval ෆ්‍රයිඩ් පොලොස් ඩෙවල්

Fried Polos Deval

Fried Polos Deval ෆ්‍රයිඩ් පොලොස් ඩෙවල්

Fried Polos Deval
Servings 6

Ingredients
  

  • පොලොස් ගෙඩියක්
  • තක්කාලි ගෙඩියක්
  • මාළු මිරිස් කරල් 2ක්
  • අමුමිරිස් කරල් 2
  • බී ළූණු ගෙඩියක්
  • සීනි තේ හැන්දක්
  • චිලී පේස්ට් මේස හැන්දක්
  • තක්කාලි සෝස් මේස හැන්දක් 
  • සෝයා සෝස් මේස හැන්දක් 
  • ගම්මිරිස්කුඩු 
  • ලුණුකුඩු 
  • චොප්කරගත් ඉඟුරු හා සුදුළූණූ 
  • බැදගැනීමට තෙල්

Instructions
 

  • මුලින්ම පොලොස් ගෙඩිය සුද්ද කරගෙන සාමාන්‍ය සයිස් කෑලි කපාගන්න. දැන් මේ පොලොස් කෑලි ටික බාගෙට වගේ තම්බගන්න. ඉන් පස්​සේ මේ පොලොස් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් කරගන්න.
  • තාච්චියක් ලිපේ තියලා  තෙල් ටිකක් දාලා පොලොස් කෑලි ටික රන්වන් පාට වෙනකල් බැදගන්න. දැන් වෙන භාජනයක් අරගෙන ඒකට  තෙල් ටිකක් දාලා රත් වෙනකොට සුදුළූණු ​සහ ඉඟුරු දමා බැදෙන්න අරින්න. ඒකට මාළු මිරිස්, ළූණු, තක්කාලි හා අමුමිරිස් දමා තෙම්පරාදු කරගන්න. ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස් හා චිලී පේස්ට් එකතු කරගෙන හො​ඳට කලවම් කරගන්න. අන්තිමට බැදගත් පොළොස් ටික කලවම් කරලා සීනි දාගන්න. රස අනුව ලුණු එකතු කර ලිපෙන් බා ගන්න.

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..