Coconut Milk Ice Cream පොල් කිරි අයිස් ක්‍රීම්
අමුද්‍රව්‍ය 3 කින් ඉතා පහසුවෙන් අයිස්ක්‍රීම් එකක්
- පොල් ගෙඩි 1 ක්
- අඹ ගෙඩි 1 ක්
- සීනි තේ හැදි 4 ක්
පොල් ගෙඩියෙන් මිටි කිරි ලබා ගන්න. අඹ ගෙඩිය ද ලෙලි ඉවත් කර කැබලි වලට කපා ගන්න.
එම ලබා ගත් පොල් කිරි අධිශීතකරණයේ පැයක් පමණ තබන්න. (එවිට පොල් කිරි ටික භාජනයේ උඩින් සෙට් වන අතර වතුර භාජනයේ යටින් පවතී.) අඹ කැබලි ද අධිශීතකරණයේ පැයක් පමණ තබන්න.
පොල් කිරි ටික භාජනයේ උඩින් සෙට් වූ පසු එම කිරි ටික හැන්දකින් ඉවත් කර බ්ලේන්ඩරයට දමා ගන්න. අඹ කැබලි ටිකත් එයට එකතු කරන්න. සීනි ද එක් කරන්න
දැන් හොදින් බ්ලේන්ඩර් කර ගන්න.
ඉන්පසු අධිශීතකරණයේ පැය 2 ක් පමණ තබන්න. පැය 2 කට පසු එය යලි හොදින් බ්ලේන්ඩර් කර ගන්න.
නැවත අධිශීතකරණයේ පැය 4 ක් පමණ තබන්න. දැන් කෑමට ගන්න.



