Polos Moju පොලොස් මෝජු
පොලොස් මෝජු වෙනස්ම අත්දැකීමක් වේවි
- පොඩියට කපාගත් පොලොස් – 500 g
- දෙකට පලාගත් අමුමිරිස් – 50 g
- රතු ලූනු – 250 g
- විනාකිරි අඬු කෝප්ප – 1/4
- අඹරා ගත් සුදු ලූනු – 10 g
- ගම්මිරිස් කුඩු තේ හැඳි – 1/2
- විනාකිරෙන් අඹරාගත් අබ – 10 g
- සීනි තේ හැඳි – 1
- පදමට ලුණු
- මිරිස් කුඩු තේ හැඳි – 2
මුලින්ම පොලොස් කුඩා කෑලිවලට කපා ලුණු ගම්මිරිස් සහ කහ දමා අතගා රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් ලූනු සහ ගම්මිරිස් ගෙන තෙලෙහි විනාඩියක් පමණ බැද ගන්න.
පොලොස්, ලුණු, විනාකිරි සහ අමුමිරිස් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය එකට කළවම් කරගන්න. පසුව මැටි වළඳකට දමා එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ළිප තබා මද ගින්නෙ පිසගන්න.



