Rasam

Rasam hot oven Sinhala Recipe

Rasam | රසම්

අතිශයින්ම ගුණ දායක පානයක් වන රසම් පානය නිවැරදිව හදමු

  • හොදින් තලාගත් සුදු ලූණු බික් 10
  • සියඹලා තලපය  තේ හැදි  1
  • අබ ඇට තේ හැදි 1/4
  • කහ තේ හැදි 1/4
  • සුදුරු තේ හැදි 1/4
  • කුඩු කර ගත් ගම්මිරිස් තේ හැදි 1/4
  • කොත්තමල්ලි තේ හැදි 1/4
  • පරිප්පු කෝප්ප 1/2
  • රතු මිරිස් 3
  • වතුර කෝපප 03
  • ගී තේ හැදි   03
  • තක්කාලි 02
  • රස අනුව ලුණු
  • කරපිංචා කොළ
  1. පරිප්පු තේ හැදි 1 ක්, කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්, රතු මිරිස් හා සුදු ලූණු වලින් භාගයක් විනාඩියක් බැදගෙන ලිපෙන් ඉවතට ගන්න. මෙම මිශ්‍රණය තලපයක් වන තුරු කුඩුකර ගන්න.

  2. භාජනයක් ලිප තබා වතුර කෝප්පයක්, සියඹලා තලපය, තක්කාලි, කහ, ඉතිරි සුදු ලූණු හා රස අනුව ලුණු යෙදු මිශ්‍රණය නටවා ගන්න.

  3. දැන් කලින් සකස් කර ගත් පරිප්පු මිශ්‍රණය හා වතුර එයට එකතු කරගන්න. පරිප්පු හොදින් ඉදෙන තුරු තම්බා ගන්න .

  4. වෙනත් බදුනක් ලිප තබා රත් කරන්න .අබ පුපුරන විට ලිපෙන් ඉවතට ගෙන ඉහත මිශ්‍රණය එකතු කරන්න. දැන් ඔබට කරපිංචා වලින් රසම් බදුන සරසන්න පුලුවන් .

Article Tags:
· · · · · · ·
Article Categories:
Beverages

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..