Vegetable Chopsuey

Chop-Suey

Vegetable Chopsuey | වෙජිටබල් චොප්සි

  • සිහින්ව කපා ගන්නා ලද ලූනු ගෙඩියක්
  • ඉඟුරු සුදු ලූනු තේ හැඳි එකක්
  • තෙල් මේස හැඳි එකක්
  • පෙති කපා ගත් කැරට් අලයක්
  • කුඩාවට කපා ගන්නා ලද මල් ගොවා ( cauliflower)
  • රතු සහ කහ වර්ණයෙන් යුතු බෙල් පෙපර් කැබලි
  • කුඩාවට කපා ගන්නා ලද බොන්චි කිහිපයක්
  • කුඩාවට කපා ගන්නා ලද ගෝවා කොළ කිහිපයක්
  • baby corn කිහිපයක්
  • කුඩාවට කපා ගත් හතු කිහිපයක්
  • නිවිති කොළ කිහිපයක්
  • එළවළු තම්බා ගත් වතුර මිලිලීටර් සියක්
  • කෝන්පිටි මේස හැන්ද
  • තල තෙල් තේ හැඳි බාගයක්.
  1. භාජනයක් ගෙන එයට වතුර දමා කැරට් මල්ගෝවා සහ බොන්චි විනාඩි දෙකක් තුනක් පමණ තම්බා ගන්න.

  2. ඉන්පසු එය එළියට ගෙන සිසිල් වතුරෙහි බහා හොඳින් නිවෙන්න ඉඩහරින්න.පෑන් එකක් ගැන එයට තෙල් එකතු කරන්න ඉන්පසු ළූණු සුදු ළූණු ඉගුරු විනාඩියක් පමණ තෙම්පරාදු කර ගන්න.

  3. එයට ඔබ කපාගන්නා සියලු එලවළු එකතුකර කවලම් කරන්න.

  4. ඉන්පසු එළවලු තම්බා ගත් වතුර එකතුකර මදක් පිසෙන්න ඉඩ හරින්න

  5. මේ අතර කෝන්පිටි තවත් වතුර ස්වල්පයක් සමඟ හොඳින් කවලම් කර ගන්න.

  6. ඉන්පසු තෑම්බෙමින් පවතින එළවළු ිශ්‍රණයට කවලම් කර ගත් කෝන් පිටි ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔහු කරගන්න.

  7. අවශ්‍ය ප්‍රමාණයට ලුනු ගම්මිරිස් එකතු කරන්න

  8. අවසානයේ තලතෙල් එකතු කරන්න. ඒ වගේම නිවිති කොළ දමා කවලම් කොට මේසයට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..