Vegetable Chopsuey | වෙජිටබල් චොප්සි
Ingredients
- සිහින්ව කපා ගන්නා ලද ලූනු ගෙඩියක්
- ඉඟුරු සුදු ලූනු තේ හැඳි එකක්
- තෙල් මේස හැඳි එකක්
- පෙති කපා ගත් කැරට් අලයක්
- කුඩාවට කපා ගන්නා ලද මල් ගොවා ( cauliflower)
- රතු සහ කහ වර්ණයෙන් යුතු බෙල් පෙපර් කැබලි
- කුඩාවට කපා ගන්නා ලද බොන්චි කිහිපයක්
- කුඩාවට කපා ගන්නා ලද ගෝවා කොළ කිහිපයක්
- baby corn කිහිපයක්
- කුඩාවට කපා ගත් හතු කිහිපයක්
- නිවිති කොළ කිහිපයක්
- එළවළු තම්බා ගත් වතුර මිලිලීටර් සියක්
- කෝන්පිටි මේස හැන්ද
- තල තෙල් තේ හැඳි බාගයක්.
Instructions
- භාජනයක් ගෙන එයට වතුර දමා කැරට් මල්ගෝවා සහ බොන්චි විනාඩි දෙකක් තුනක් පමණ තම්බා ගන්න.
- ඉන්පසු එය එළියට ගෙන සිසිල් වතුරෙහි බහා හොඳින් නිවෙන්න ඉඩහරින්න.පෑන් එකක් ගැන එයට තෙල් එකතු කරන්න ඉන්පසු ළූණු සුදු ළූණු ඉගුරු විනාඩියක් පමණ තෙම්පරාදු කර ගන්න.
- එයට ඔබ කපාගන්නා සියලු එලවළු එකතුකර කවලම් කරන්න.
- ඉන්පසු එළවලු තම්බා ගත් වතුර එකතුකර මදක් පිසෙන්න ඉඩ හරින්න
- මේ අතර කෝන්පිටි තවත් වතුර ස්වල්පයක් සමඟ හොඳින් කවලම් කර ගන්න.
- ඉන්පසු තෑම්බෙමින් පවතින එළවළු ිශ්‍රණයට කවලම් කර ගත් කෝන් පිටි ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔහු කරගන්න.
- අවශ්‍ය ප්‍රමාණයට ලුනු ගම්මිරිස් එකතු කරන්න
- අවසානයේ තලතෙල් එකතු කරන්න. ඒ වගේම නිවිති කොළ දමා කවලම් කොට මේසයට පිළිගන්වන්න.