Cream Cheese

Cream Cheese hot oven sinhala recipe

Cream Cheese | ක්‍රීම් චීස්

ඔන්න දැන් කියන්න යන්නේ ගෙදරදීම ක්‍රීම් චීස් හදාගන්නේ කොමද කියලා. කරීම් චීස් අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවනේ.
Course Side Dish
Cuisine American

Ingredients
  

  • සම්පුර්ණ යොදය සහිත නැවුම් කිරි 1ක් 
  • දෙහි යුෂ තේ හැඳි 3ක් 
  • ලුනු කුඩු තේ හැඳි 1ක් 

Instructions
 

  • භාජනයක් ලිප තබා සාමාන්‍ය ගින්දරේ නැවුම් කිරි හොදින් නොනවත්වා හැඳි ගාමින් කිරි බුබුළු දමමින් නටා ගෙන එනතෙක් උණු කරගන්න.
  • දැන් මදක් ලිප කර ගින්දර අඩුකර විනාඩියකට වරක් දෙහි යුෂ තේ හැන්ද බැගින් එකතු කරමින් නොනවත්වා හන්දිගාන්න.
  • කිරි සම්පුර්ණයෙන්ම කැටි ගැසී, කැටි ටික උඩ පාවෙන තෙක් දිගටම නොනවත්වා හැඳි ගාගන්න.
  • සුළු වෙලාවක් යනවිට කිරි සියල්ල කැටිගැසී කොළ පැහැ ද්‍රාවනයක පාවීමට පටන්ගනී. එවිට ලිප නිවාගන්න.
  • පසුව ලොකු බෝල් එකක් උඩින් ස්ටේයින්ලස් ස්ටිල් පෙනේරයක් තබා එයට පිරිසිදු කපු රෙදි කැබැල්ලක් දමා ගෙන එයට සාදාගත් චීස් මිශ්‍රරණය වක්කර ගන්න.
  • පසුව විනාඩි 15ක් පමණ වැඩි දියර බේරී සිසිල් වීමට එලෙසින්ම තබන්න.
  • පසුව කපු රෙදිකඩින් චීස් ටික ගෙන මදක් මිරිකා බ්ලෙන්ඩර් එකකට දමාගෙන එයටම ලුනු කුඩුද එක්කර විනාඩි 4-5ක් හොදින් මිශ්‍ර කරගන්න.   
Keyword Cream Cheese, sinhala recipe, ක්‍රීම් චීස්

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..