Cream Cheese

Cream Cheese hot oven sinhala recipe

Cream Cheese | ක්‍රීම් චීස්

ඔන්න දැන් කියන්න යන්නේ ගෙදරදීම ක්‍රීම් චීස් හදාගන්නේ කොමද කියලා. කරීම් චීස් අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවනේ.

  • සම්පුර්ණ යොදය සහිත නැවුම් කිරි 1ක් 
  • දෙහි යුෂ තේ හැඳි 3ක් 
  • ලුනු කුඩු තේ හැඳි 1ක් 
  1. භාජනයක් ලිප තබා සාමාන්‍ය ගින්දරේ නැවුම් කිරි හොදින් නොනවත්වා හැඳි ගාමින් කිරි බුබුළු දමමින් නටා ගෙන එනතෙක් උණු කරගන්න.

  2. දැන් මදක් ලිප කර ගින්දර අඩුකර විනාඩියකට වරක් දෙහි යුෂ තේ හැන්ද බැගින් එකතු කරමින් නොනවත්වා හන්දිගාන්න.

  3. කිරි සම්පුර්ණයෙන්ම කැටි ගැසී, කැටි ටික උඩ පාවෙන තෙක් දිගටම නොනවත්වා හැඳි ගාගන්න.

  4. සුළු වෙලාවක් යනවිට කිරි සියල්ල කැටිගැසී කොළ පැහැ ද්‍රාවනයක පාවීමට පටන්ගනී. එවිට ලිප නිවාගන්න.

  5. පසුව ලොකු බෝල් එකක් උඩින් ස්ටේයින්ලස් ස්ටිල් පෙනේරයක් තබා එයට පිරිසිදු කපු රෙදි කැබැල්ලක් දමා ගෙන එයට සාදාගත් චීස් මිශ්‍රරණය වක්කර ගන්න.

  6. පසුව විනාඩි 15ක් පමණ වැඩි දියර බේරී සිසිල් වීමට එලෙසින්ම තබන්න.

  7. පසුව කපු රෙදිකඩින් චීස් ටික ගෙන මදක් මිරිකා බ්ලෙන්ඩර් එකකට දමාගෙන එයටම ලුනු කුඩුද එක්කර විනාඩි 4-5ක් හොදින් මිශ්‍ර කරගන්න.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..