Ala Bonda

Ala Bonda Hot oven Sinhala Recipe

Ala Bonda | අල බොන්ඩා

අල බොන්ඩා කියන්නේ නිර්මාංශ අය අතර ගොඩක් ජනප්‍රිය, ඒ වගේම කොයි කවුරුත් කන්න ආස කරන  කෑමක්.

  • තම්බාගත් අල  400g     
  • ලොකු ලූනු ගෙඩි 1
  • අමුමිරිස් කරල් 3
  • කරපිංචා ඉත්තක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි 1/2
  • අඹරාගත් සුදු ලූනු බික් 2
  • අඹරාගත් ඉගුරු තේ හැදි 1/2
  • පදම අනුව ලුණු
  • දෙහි යුෂ තේ හැදි 1
  • කඩල පිටි කෝප්ප 1 (පිටි මිශ්‍රණය සදහා)
  • ලුණු තේ හැදි 1/2 (පිටි මිශ්‍රණය සදහා)
  • මිරිස් කුඩු  තේ හැදි 1/2 (පිටි මිශ්‍රණය සදහා)
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/4 (පිටි මිශ්‍රණය සදහා)
  • බේකින් සෝඩා තේ හැදි 1/4 (පිටි මිශ්‍රණය සදහා)
  1. මුලින්ම තම්බාගත්ත අල ටික කෑලි සිටින සේ පොඩි කරගන්න. දැන් භාජනයක් ලිප තියලා තෙල් මේස හැදි දෙකක් දාල තෙල් රත් වෙනකොට ඉගුරු, සුදු ලූනු, කුඩාවට කපාගත්ත ලූනු, අමු මිරිස්, කරපිංචා  එකතු කරලා තෙම්පරාදු කර ගන්න. ඒ අතරම කහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. මිශ්‍රණය තෙම්පරාදු වුනාට පස්සේ අල එකතු කරන්න.  රස පදමට ලුණු එකතු කරල මිශ්‍රණය හොදින් කලවම් කරන්න. තවත් විනාඩි 5-6 ක් අල මිශ්‍රණය තෙම්පරාදු උනාට පස්සේ ලිපෙන් බා දෙහි යුෂ එකතු කරන්න. අල මිශ්‍රණයෙන් තමන්ට කැමති ප්‍රමාණයේ අල බෝල සාදා ගන්න.

  2. කඩල පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු. බේකින් සෝඩා එකට මිශ්‍රකර ඒ මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එක් කරමින් පිටි කැටි නොහිටන සේ උකු පිටි මිශ්‍රණයක් හදා ගන්න.

  3. සාදාගත් අල බෝල පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ රන්වන්  පාට වනතෙක් බැද ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..