Spicy Fish Fry

spicy fish fry hot oven Sinhala Recipe

Spicy Fish Fry ස්පයිසි ෆිෂ් ෆ්‍රයි

Spicy Fish Fry Recipe is a simple and delicious dish of fish fry that we often make at home. 
Course Side Dish
Cuisine Aisan, American

Ingredients
  

  • කුඩා මැකරල් මාළු 4 (250g ක් පමණ)
  • වියළි මිරිස් කරල් 7 – 8ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • චොප් කර ගත් (පොඩියට කපා ගත්ත) අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
  • සුදුලූණු බික් 6 – 7ක්
  • ගම්මිරිස් ඇට තේ හැදි 1 ½ ක් පමණ 
  • කහ කුඩු තේ හැදි ¼ – ½ ක් පමණ
  • කුරුඳු පොතු කෑල්ලක්
  • කරාබු නැටි 1 – 2ක්
  • සීනි තේ හැදි ½ – 1ක් පමණ
  • විනාකිරි මේස හැදි 3 – 3 ½ ක්
  • ලුණු 
  • ඔලිව් තෙල් මේස හැදි 1ක් පමණ
  • පොල් තෙල්

Instructions
 

  • මුලින්ම විනාකිරි ටික භාජනයකට දාලා ඒකටම වියළි මිරිස් කරල් ටිකයි, චොප් කපු ඉඟුරු ටිකයි, සුදුලූණු බික් ටිකයි, ගම්මිරිස් ඇට ටිකයි, කුරුඳු පොතු කෑල්ලයි, කරාබු නැටි ටිකයි දාලා හොදට කලවම් කරන්න.
  • මෙය විනාඩි 30 – 45ක් විතර විනාකිරි වල පොඟවලා තියෙන්න අරින්න.
  • ඒ අතරතුරේ මාළු ටික සුද්ද කරන් හොදට සෝදලා පිරිසිදු කරන් පිහියකින් හරහට ඉරි ගහ ගන්න.
  • ඊට පස්සේ කලින් විනාකිරි වල පෙඟෙන්න දාපු ඔක්කොමත් එක්ක ලුණුයි, සීනියි, කහ කුඩුයි, ඔලිව් තෙලුයි බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් වෙන්න හොදට බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. (බ්ලෙන්ඩර් කරන කොට වතුර එකතු කරන්න එපා. කෑලි හිටින්නේ නැති විදියට බ්ලෙන්ඩර් කර ගන්න.)
  • දැන් මාළු වලට හදා ගත්ත පේස්ට් එක දාලා මාළුන්ගෙ ඇතුලට පේස්ට් එක කා වදින විදියට හොදට දවට ගෙන විනාඩි 30 – 45ක් විතර පදම් වෙන්න තියන්න.
  • පස්සේ පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න දෙන්න. තෙල් රත් වුණාට පස්සේ මාළු ටික රන්වන් දුඹුරු පාට වෙනකන් දෙපැත්ත හරවලා බැද ගෙන රස බලන්න.
Keyword sinhala recipe, Spicy Fish Fry, මාළු බැදුම

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..