Sheer Pira ශිර් පිරා
Afghan sweets (sheer pira).
- සීනි කප් 1
- වතුර කප් 1
- පිටි කිරි කප් 2
- රට කජු හෝ තිබේ නම් Dry Fruit
- කරදමුංගු 2
- කුරුදු පොතු කැබැල්ලක්
සීනි,වතුර, කරදමුංගු හා කුරුදු පොතු කැබැල්ල භාජනයකට දමා ලිප තබා හැදි ගාමින්රත් කරන්න.
ටික වේලාවකින් කුඩා බුබුලු දැක ගැනීමට හැකිවේ. විශාල බුබුලු මතු වන තෙක් ඔබ දිගටම හැදි ගාමින් රත් කරන්න.
විශාල බුබුලු මතු වන විට ඔබට පැණිවල නූල් ඇදෙන ස්භාවය දැක ගත හැක. දැන් කරදමුංගු හා කුරුදු ඉවත් කරන්න.
එවිට පිටි කිරි එක් කරමින් දිගටම හැදි ගාන්න.
දැන් රට කජු හෝ තිබේ නම් Dry Fruit දමන්න.
මිශ්‍රණය ඝණකම් වන විට ලිපෙන් බා තැටියක දමා ශිතකරණයේ තබන්න.
ඉන් අනතුරුව කෑලි වලට කපා ගන්න.




