Peanut Butter පීනට් බටර්

Peanut butter hot oven sinhala recipe

Peanut Butter පීනට් බටර්

Peanut butter is a food paste or spread made from ground, dry-roasted peanuts.

  • රටකජු 250 g
  • මී පැණි මේස හැඳි 01 හෝ දුඹුරු සීනි මේස හැඳි 01
  • සුදු පොල්තෙල් මේස හැඳි 02
  • ලුණු ස්වල්පයක්
  1. පළමුවෙන්ම පොතු ඉවත්කළ අමු රටකජු 250 g මද ගින්දරේ බැද ගත යුතුය. ලා රන්වන් පාටක් වන තුරු මෙය බැදගත හැකි අතර අවැසි නම් අවන් කළ හැක. 

  2. බැදගත් රටකජු ග්රයින්ඩරයක් අාධාරයෙන් හොඳින් කුඩු කර මී පැණි මේස හැඳි 01 හෝ දුඹුරු සීනි මේස හැඳි 01 එකතු කළ යුතුය. මී පැණි දැමුවොත් බටර් එක වඩාත් රසවත් වේ. 

  3. නැවතත් ග්රයින්ඩරය අාධාරයෙන් රටකජු ටික අඹරා වර්ණ හෝ රස නොමැති පිරිසිදු සුදු පොල් තෙල් මේස හැඳි 02 ද ලුණු ස්වල්පයක් ද දමා විනාඩි 5-6 ක් අඹරා ගත යුතුය. 

  4. එය පළමුව ඝනකම් තලපයක් අාකාරයට වන අතර වැඩි වේලාවක් අැඹරීමේදී රටකජු වලින් තෙල් මිදීමට පටන් ගෙන බටර් එක හොඳින් සාදාගත හැක. බටර් අවැසි ඝනකමට එන තෙක් ත්ල් ස්වල්පය බැගින් එකතු කළ හැකි අතර සාදාගත් බටර් ජීවාණුහරණය කළ වීදුරු බෝතලයක අසුරා භාවිතයට ගත හැකිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..