Muscat මස්කට්

muscat sweet hot oven sinhala recipe

Muscat මස්කට්

Muscat මස්කට්
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • සීනි 225g
  • වතුර 245ml
  • කොන්ෆ්ලා 60g
  • කුඩාවට කපාගත් කජු මද
  • එනසාල් ස්වල්පයක්
  • තෙල් 100ml
  • කලරින් (කැමති වර්ණයකින් )
  • සූදුරු බොහොම ස්වල්පයක්

Instructions
 

  • භාජනයක් ගෙන සීනි 225g හා වතුර 125ml දමා කලවම් කර,සාමාන්‍ය තරමට රත් කරන්න. බුබුළු දමාගෙන එනවිට ලිපෙන් බා ගන්න.
  • කොන්ෆ්ලා 60g හා වතුර 120ml දමා හොඳින් කලවම් කරගන්න. එම භාජනය පසෙකින් තබන්න.
  • කලින් සීනි,වතුර මිශ්‍රණය නැවත ලිප තබා,කොන්ෆ්ලා මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරන්න.ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න.ඒ වගේම හොඳින් හැඳි ගාන්න.
  • මෙසේ මිශ්‍රණය හොඳින් කැටි නොගැසෙන සේ හොඳින් හැඳි ගාන්න.ඝනකම බවක් ඔයාලගේ අතට දැනේවි.එවිට ලිප වහන්න.
  • නැවත ලිප දල්වා ගින්දර හොඳටම අඩු කරගන්න.තෙල් ටික බැගින් මිශ්‍රණයට දමමින් හොඳින් කලවම් කරන්න.
  • දැන් එනසාල්,කජු,සූදුරු ස්වල්පයක් හා ඔබ කැමති වර්ණ දමා හොඳින් කලවම් කරගන්න.ජෙලි වගේ පදමක් අතට දැනෙයි.තෙල් තවරන ලද කෙසෙල් කොලයක් අරගෙන හොඳින් තුනී කර කෑලි කපාගන්න. 
Keyword Halwa, Muscat, sinhala recipe, මස්කට්
Article Categories:
Sweets

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..