Mayonnaise මයෝනිස්
Mayonnaise, informally mayo, is a thick cold condiment or dressing commonly used in sandwiches and composed salads or on French fries.
- බිත්තර කහ මද 03ක්
- තෙල් 300ml (සුරියකාන්ත තෙල්,කැනොලා ඔයිල් , තල තෙල් නැතිනම් පොල්තෙල්,එළවළු තෙල් උනත් ගත හැකියි.)
- අඹරගත් අබ තේ හැඳි 1/4 – 1/2 පමණ (රස අනුව අඩු වැඩි කරගන්න)
- ලෙමන් යුෂ මේස හැඳි 01ක් පමණ (රස අනුව අඩු වැඩි කරගන්න)
- අඹරගත් සුදුළුණු බික් 1-2ක්
- ලුනු
- ගම්මිරිස් කුඩු
මුලින්ම බිත්තර කහ මද ටික පිරිසිදු වියළි භාජනයකට දමා ගන්න.
දැන් එකටම අඹරපු අබ ටිකයි සුදුළුනුයි දාගෙන කවලම් වෙනකන් යන්තමින් බීට් කරන්න. ඉට පස්සේ බොහොම හිමින් තෙල් වක්කරන ගමන් උකු වී ගෙන එනකන් හොඳට බීට් කරන්න.(දිගටම නොනවත්වා බීට් කල යුතුයි.)
මිශ්‍රණය හොඳට උකු,මතුපිටින් දිලිසෙන,ඝනකම් ක්‍රීම් ගතියට එනකන් හොඳින් බීට් කරන්න.
අන්තිමට රස අනුව ලෙමන්,ලුනු,ගම්මිරිස් එකතු කර කවලම් වෙනකන් යන්තමින් බීට් කර, ශීතකරණයේ දමන්න.
මෙය ශීතකරණයේ සතියක් පමණ තබා ගත හැක.හැම විටම බීට් කරන විට එකම අතට බීට් කල යුතුයි.




