Bread Meatballs | බ්‍රෙඩ් මීට් බෝල්ස්
A meatball is ground meat rolled into a small ball, sometimes along with other ingredients. බ්‍රෙඩ් මීට් බෝල්ස්
- පාන් පෙති 8
- අඹරගත්ත කටු රහිත චිකන් 200g
- කිරි කෝප්පයක්
- බිත්තර 3
- ලුණු, ගම්මිරිස්
- අබ කුඩු
- චොප් කරගත්තු ළූණු
- කෝන් පිටි
පාන් පෙති ටිකක් කිරි වල විනාඩියක් පොඟව ගන්න. වැඩි පුර කිරි ටික පාන් වලින් මිරිකල ඉවත් කරගන්න. මේකට බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, චොප් කරගත්තු ළූණු එකතු කරගෙන මිශ්‍ර කරගන්න.
මෙයටම අඹරගත්තු මස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල කෝන් පිටි දවටා බිත්තර සාරු වල දමා නැවත කෝන් පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.




