Diya Bath දිය බත්

Hot Oven Diyabath Sinhala Recipe

Diya Bath දිය බත්

දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි පෝෂ්‍ය දායක උදෑසන ආහාරයකි. Diyabath is a traditional Sri Lankan indigenous breakfast item, a cold soup, not consumed regularly due to changing lifestyle. 

  • රැයක් වතුරෙන් පොගවා ගත් බත්
  • සිහින්ව කපා ගත් රතුලූනු
  • සිහින්ව කපා ගත් අමු මිරිස්
  • සිහින්ව කපා ගත් තක්කාලි කෑල්ලක්
  • සිහින්ව ගා ගත් උම්බලකඩ
  • උකු පොල් කිරි
  • රස අනුව ලුනු සහ දෙහි ඉස්ම

ගොඩක් වෙලාවට රෑට ඉතිරි වුනු බත් වලින් තමයි උදේට කන්න දියබත් හදන්නෙ. ඒ ඉතිරි වුනු බත් එක වැහෙන්නම වතුර දාල තියන්න රැයක්. ඊට පස්සෙ උදේට ඒ වතුර ටික පෙරා ගෙන අයින් කරල බත් ටික විතරක් බාජනයක දාන්න. එයට කපා ගත් රතුලූනු,අමු මිරිස්, තක්කාලි,උම්බලකඩ දාන්න. එයට රස අනුව ලුනු සහ දෙහි ඉස්ම එකතු කර උකු පොල් කිරි දමා හැන්දකින් කලවම් කරන්න. ඉතාම රසවත් උදෑසන ආහාරයක්.

Article Tags:
· · · · ·
Article Categories:
Breakfast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..