Butter with String Hopper බටර් සහ ඉදිආප්ප

butter with string hopper

Butter with String Hopper බටර් සහ ඉදිආප්ප

බටර් ඉදිආප්ප තෙම්පරාදුව හරිම රසයි ගුණයි

  • අතින් පොඩියට කඩාගත් සුදුකැකුළු ඉදි ආප්ප කෝප්ප 1 ක්.
  • බටර් තේ හැදි 2 ක්. 
  • අබ තේ හැදි කාලක්
  • කෑලි කජු තේ හැදි 2 ක්.
  • සිහින්ව අඹරාගත් ඉගුරු තේ හැදි බාගයක්.
  • ලියාගත් අමුමිරිස් කරල් බාගයක් 
  • කරපිංචා ස්වල්පයක්. 
  • දෙහි බිංදු 4ක් 5ක්.
  • කහකුඩු තේ හැදි කාලක්.
  • රස අනුව ලුණු 
  • සීනි තේ හැදි බාගයක්.
  • පොල් කිරි හෝ සාමාන්‍ය දියර කිරි මේස හැදි 2 ක්.
  1. පිරිසිදු සාස්පානක් ගන්න. එයට බටර් ටික දමන්න. බටර් රත්වීගෙන එද්දී එයට අබ ඇට ටික දමන්න. අබ ඇට පුපුරද්දී එයට කෑලි කජු සහ කරපිංචා දමන්න.

  2. කරපිංචා පුපුරද්දී එයට අමුමිරිස් සහ ඉගුරු ටික දමන්න. 

  3. විනාඩියක් පමණ මදගින්නේ තෙම්පරාදු කරන්න.

  4. දැන් එයට කහකුඩු ටික දමා මිශ්‍ර කරන්න.

  5. දැන් පොඩිකරගත් ඉදි ආප්ප ටික තෙම්පරාදුව උඩින් දමන්න. ඒ උඩින් ලුණු කුඩු, දෙහි බිංදු , සීනි සහ පොල්කිරි ටික දාන්න. ගින්දර ටිකක් වැඩිකර හොදින් මිශ්‍ර කරමින් පිසින්න.

  6. ඉක්මනින් ලිපෙන් බාගන්න. තක්කාලි සෝස් හෝ කුකුල් මස් හොදි සමග පිළිගන්වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..