Butter with String Hopper බටර් සහ ඉදිආප්ප
බටර් ඉදිආප්ප තෙම්පරාදුව හරිම රසයි ගුණයි
Ingredients
- අතින් පොඩියට කඩාගත් සුදුකැකුළු ඉදි ආප්ප කෝප්ප 1 ක්.
- බටර් තේ හැදි 2 ක්.
- අබ තේ හැදි කාලක්
- කෑලි කජු තේ හැදි 2 ක්.
- සිහින්ව අඹරාගත් ඉගුරු තේ හැදි බාගයක්.
- ලියාගත් අමුමිරිස් කරල් බාගයක්
- කරපිංචා ස්වල්පයක්.
- දෙහි බිංදු 4ක් 5ක්.
- කහකුඩු තේ හැදි කාලක්.
- රස අනුව ලුණු
- සීනි තේ හැදි බාගයක්.
- පොල් කිරි හෝ සාමාන්‍ය දියර කිරි මේස හැදි 2 ක්.
Instructions
- පිරිසිදු සාස්පානක් ගන්න. එයට බටර් ටික දමන්න. බටර් රත්වීගෙන එද්දී එයට අබ ඇට ටික දමන්න. අබ ඇට පුපුරද්දී එයට කෑලි කජු සහ කරපිංචා දමන්න.
- කරපිංචා පුපුරද්දී එයට අමුමිරිස් සහ ඉගුරු ටික දමන්න.
- විනාඩියක් පමණ මදගින්නේ තෙම්පරාදු කරන්න.
- දැන් එයට කහකුඩු ටික දමා මිශ්‍ර කරන්න.
- දැන් පොඩිකරගත් ඉදි ආප්ප ටික තෙම්පරාදුව උඩින් දමන්න. ඒ උඩින් ලුණු කුඩු, දෙහි බිංදු , සීනි සහ පොල්කිරි ටික දාන්න. ගින්දර ටිකක් වැඩිකර හොදින් මිශ්‍ර කරමින් පිසින්න.
- ඉක්මනින් ලිපෙන් බාගන්න. තක්කාලි සෝස් හෝ කුකුල් මස් හොදි සමග පිළිගන්වන්න