Milk Chocolate Barfi මිල්ක් චොක්ලට් බර්ෆි

Milk Chocolate Barfi

Milk Chocolate Barfi මිල්ක් චොක්ලට් බර්ෆි

ඔන්න සයිවර් කඩේ තියන,ගොඩාක් අය කන්න ආස කරන මිල්ක් ,චොක්ලට් බර්ෆිගෙදරදීම Barfi or burfi is a Indian sweet fudge made mostly with milk, sugar and flavoring ingredients.
Prep Time 1 hr
Cook Time 2 hrs
Total Time 3 hrs
Course Dessert
Cuisine Aisan, Indian
Servings 20

Equipment

  • ශීතකරණයක්
  • භාජනයක්
  • බ්ලේන්ඩරයක්

Ingredients
  

  • කිරිපිටි කෝප්ප 4ක්.
  • සීනි කෝප්ප 1 1/2ක්
  • වතුර කෝප්ප 1 ක් පමන.
  • චොක්ලට් පව්ඩර් මේස හැදි 4ක්.
  • සීනී තේ හැදි 2ක්
  • රස්නෙ වතුර මේස හැදි 2ක් .
  • බටර් මේස හැදි 2ක් .
  • කජු මද කීපයක් .
  • ආමන්ට් . (අවශ්‍ය ම නෑ.)
  • වැනිලා තේ හැදි 1ක්

Instructions
 

  • මුලින්ම කිරිපිටි ටිකට සීනි ටික දාලා (සීනි බ්ලෙන්ඩර් කරලා ගන්නවනම් ගොඩාක් හොදයී)වතුර කෝප්ප 1 ක් දාලා ලිප ඔන් කරලා ලිපේ තියාගන්න ඕන.
  • ඊලගට අඩු ගින්නේ කිරි එක හොදට හැදි ගාගාන්න ඕන.මේ වෙලාවේ වැනිලා ටික දාලා,විනාඩි 5කින් වගේ බටර් ටික දාගන්න.
  • විනාඩි කීපයකින් මේ කිරි මිශ්‍රණය උකු ගතියට එනවා .එකට එකතු වෙන මට්ටමට එනකොට කොටසින් බාගයක් අපි කලින් බටර් ගාගත්ත තැටියට දා ගෙන හොදට තුනී කරගන්න .
    (තැටියට බටර් ගොඩාක් ගාගන්න යන්න එපා)
  • දැන් චොක්ලට් පව්ඩර් ටිකට සීනි තේ හැදි 2ක් ,රස්නෙ වතුර මේස හැදි 2ක් දාලා අපේ ඉතිරි කිරිපිටි මිශ්‍රණය ට දාලා නැවත ලිපේ අඩු ගින්නේ හොදටම කලවම් කරන්න.
  • දැන් අපි තුනී කරපු කිරිපිටි මිශ්‍රණය උඩින් ,චොක්ලට් මිශ්‍රණය දාලා ඒකත් ලස්සනට තුනී කරගන්න ඕන.
    (මිල්ක්,චොක්ලට් ලෙස ලෙයර්ස් 2ක් එන විදිහට.)
  • දැන් උඩට කජු හෝ කැමති දෙයකින් සරසා ගන්න පුලුවන්.
  • පැය 2ක් පමන ෆ්‍රිජ් එකේ තියලා අරන් කෑලි කපලා රස බලන්න පුලුවන් .
Keyword Barfi, Chocolate, Milk, Milk Chocolate Barfi, මිල්ක් චොක්ලට් බර්ෆි

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..