Milk Chocolate Barfi මිල්ක් චොක්ලට් බර්ෆි
ඔන්න සයිවර් කඩේ තියන,ගොඩාක් අය කන්න ආස කරන මිල්ක් ,චොක්ලට් බර්ෆිගෙදරදීම Barfi or burfi is a Indian sweet fudge made mostly with milk, sugar and flavoring ingredients.
Equipment
- ශීතකරණයක්
- භාජනයක්
- බ්ලේන්ඩරයක්
Ingredients
- කිරිපිටි කෝප්ප 4ක්.
- සීනි කෝප්ප 1 1/2ක්
- වතුර කෝප්ප 1 ක් පමන.
- චොක්ලට් පව්ඩර් මේස හැදි 4ක්.
- සීනී තේ හැදි 2ක්
- රස්නෙ වතුර මේස හැදි 2ක් .
- බටර් මේස හැදි 2ක් .
- කජු මද කීපයක් .
- ආමන්ට් . (අවශ්‍ය ම නෑ.)
- වැනිලා තේ හැදි 1ක්
Instructions
- මුලින්ම කිරිපිටි ටිකට සීනි ටික දාලා (සීනි බ්ලෙන්ඩර් කරලා ගන්නවනම් ගොඩාක් හොදයී)වතුර කෝප්ප 1 ක් දාලා ලිප ඔන් කරලා ලිපේ තියාගන්න ඕන.
- ඊලගට අඩු ගින්නේ කිරි එක හොදට හැදි ගාගාන්න ඕන.මේ වෙලාවේ වැනිලා ටික දාලා,විනාඩි 5කින් වගේ බටර් ටික දාගන්න.
- විනාඩි කීපයකින් මේ කිරි මිශ්‍රණය උකු ගතියට එනවා .එකට එකතු වෙන මට්ටමට එනකොට කොටසින් බාගයක් අපි කලින් බටර් ගාගත්ත තැටියට දා ගෙන හොදට තුනී කරගන්න .(තැටියට බටර් ගොඩාක් ගාගන්න යන්න එපා)
- දැන් චොක්ලට් පව්ඩර් ටිකට සීනි තේ හැදි 2ක් ,රස්නෙ වතුර මේස හැදි 2ක් දාලා අපේ ඉතිරි කිරිපිටි මිශ්‍රණය ට දාලා නැවත ලිපේ අඩු ගින්නේ හොදටම කලවම් කරන්න.
- දැන් අපි තුනී කරපු කිරිපිටි මිශ්‍රණය උඩින් ,චොක්ලට් මිශ්‍රණය දාලා ඒකත් ලස්සනට තුනී කරගන්න ඕන.(මිල්ක්,චොක්ලට් ලෙස ලෙයර්ස් 2ක් එන විදිහට.)
- දැන් උඩට කජු හෝ කැමති දෙයකින් සරසා ගන්න පුලුවන්.
- පැය 2ක් පමන ෆ්‍රිජ් එකේ තියලා අරන් කෑලි කපලා රස බලන්න පුලුවන් .