Chicken Cake චිකන් කේක්

Chicken Cake

Chicken Cake චිකන් කේක්

Chicken Cakes are made in a similar style to a crab cake.

  • පාන් පෙති 06
  •  චීස් ග්‍රෑම් 50
  • අඹරාගත් කුකුල් මස් ග්‍රෑම් 250
  • ළූණු ග්‍රෑම් 100
  • සුදු ළූණු සහ ගම්මිරිස් මේස හැඳි 01 බැගින්
  • අමු මිරිස් කරල් 02
  • ලුණු රස අනුව
  • තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 300
  • බිත්තර 03
  • කිරි කෝප්ප 01
  • තක්කාලි සෝස් මේස හැඳි 05
  1. බටර් තැවරූ බඳුනක් ගෙන වාටි ඉවත් කළ පාන් පෙති අතුරන්න

  2.  ඉන්පසු ග්‍රේට් කළ චීස්වලින් කොටසක් පාන් මත ඉසින්න

  3. බිත්තර තුන ගසා ගෙන එයට කිරි කෝප්පය එකතු කරන්න

  4. එයට ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් හා ලුණු ස්වල්පයක් එක්කර ගන්න

  5.  තම්බා පොඩි කරගත් මස්වලට කැපු ළූණු, සුදු ළූණු, ගම්මිරිස්, අමු මිරිස් හා තක්කාලි සෝස් මේස හැඳි 02 ක් එකතු කර එම මිශ්‍රණය පාන් මතට දමන්න.

  6. එයට උඩින් නැවතත් චීස් ඉසින්න

  7. තම්බා පොඩි කරගත් අල දමා නැවතත් චීස් ඉසින්න

  8. අවසානයට බිත්තර හා කිරි මිශ්‍රණය උඩින්ම දමා ඉතිරි සෝස් ද එක්කර විනාඩි 45ක් පමණ බේක් කරගන්න

Article Tags:
Article Categories:
Bread And Rice · Breakfast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..