Coconut ice cream පොල් අයිස්ක්‍රීම්
පොල් අයිස්ක්‍රීම් මෙය ඔබට වෙනස්ම අත්දැකීමක් වේවි. Homemade Coconut Ice Cream is the perfect ice cream for all kinds of summer treats.
- 1 ගෙඩි පොල් කිරි (පොල් ගෙඩියක කිරි)
- 1 ටින් උකුකිරි
- 4 කෝප්ප වතුර
- 3 තේ හැදි ජෙලටින්
- 1 තේ හැඳි වැනිලා
පොල්ගෙඩිය හීනියට ගා ගන්න. පසුව මැනගත් වතුර ප්‍රමාණය ටිකෙන් ටික යොදා පොල් හොඳින් මිරිකා පොල් කුඩු නොයන පරිදි හොඳින් පෙරාගන්න. පසුව ටින් කිරි සමග මුසුකර දිය කරන්න. මද රස්නය ඇති වතුරෙන් හොඳින් දියකර එයත් පොල්කිරි මිශ්‍රනයට දමා කලවම් කරන්න. පසුව පදම් වන තුරු පැය හතරක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන පළමු මිශ්‍රණය මෙන් තුන් ගුණයක් වන බීටරයකින් ගසන්න. ඊට වැනිලා ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු ශීතකරණයේ තබා මිදෙන්න හරින්න.