Rambutan Mousse රඹුටන් මූස්
Rambutan Mousse රඹුටන් මූස්
- රඹුටන් මද 200g – යුෂ සමඟම ගන්න
- සීනි 80g
- ජෙලටින් තේ හැඳි තේ හැඳි 1,1/2
- අයිස් වතුර මේස හැඳි 2
- දෙහි යුෂ තේ හැඳි තේ හැඳි 1,1/2
- විප්ක්රීම් කප් 1/2
මුලින්ම රඹුටන් මදය පිහියකින් කපාගන්න. මෙහිදී රඹුටන් බීජය වටේ ඇති පොත්ත නොඑන්න පරිස්සමින් කපාගන්න. මදය ගලවන්න විට ඒ පොත්ත ගැලවී එනනිසා කපා ගැනීම පහසුයි.
දැන් රඹුටන් මද හා යුෂ එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර, තලපයක් ලෙස සාදාගන්න.
ජෙලටින් අයිස් වතුරට එක්කර පෙඟෙන්නට තබාගන්න.
දැන් රඹුටන් තලපය, සීනි, දෙහි භාජනයකට දමා, ලිපතබා, සීනි දියවී මිශ්රණයට උකු ගතියක් එනතුරු පිසගන්න.
දැන් එයට ජෙලටින් එක්කර, හොඳින් මිශ්රකර, ස්වල්ප වෙලාවක් ලිපේ තබා ගන්න.
දැන් මෙය නිවෙන්නට තබාගන්න. ශීතකරණයේ හෝ එළියෙ තබා නිවුන පසු රඹුටන් මිශ්රණය හොඳින් හැදිගාමින් මිශ්රකර ගන්න.
විප්ක්රීම් බීට්කර, එයට රඹුටන් මිශ්රණය, වැනිලා එක්කර, පරිස්සමින් කලවම් කරගන්න.
දැන් සෙට් වූ ස්ට්රෝබෙරි මූස් එක උඩින් මෙය දමා, ශීතකරණයේ තබා සෙට්කර ගන්න.




