Rainbow Sandwich රේන්බෝ සැන්ඩ්විච්
Rainbow Sandwich recipe
- පාන් ගෙඩියක්
- කැරට් ග්රෑම් 200
- බීට් රූට් ග්රෑම් 200
- සලාද කොළ ග්රෑම් 100
- අබ ක්රීම් මේස හැඳි 2
- බටර් ග්රෑම් 200
- ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව
කැරට්, බීට් වෙනවෙනම තම්බාගන්න. ඒකට අබ ක්රීම් මේස හැන්දක් හා බටර් ග්රෑම් 100 බැගින් එකතු කරලා වෙන වෙනම මිශ්ර කරගන්න. ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්රණයෙන් ලේයර් එකයි බීට් මිශ්රණයෙන් ලේයර් එකයි දාලා, ඒ උඩට සලාද කොළයක් තියලා අනික් පාන් පෙත්තෙන් වසන්න. ලේසි පහසුයි. ඒ වගේම රසම රසයි.




