Vegetable Chopsuey | වෙජිටබල් චොප්සි
Print Recipe
Course
Side Dish
Cuisine
Chinese
Ingredients
සිහින්ව කපා ගන්නා ලද ලූනු ගෙඩියක්
ඉඟුරු සුදු ලූනු තේ හැඳි එකක්
තෙල් මේස හැඳි එකක්
පෙති කපා ගත් කැරට් අලයක්
කුඩාවට කපා ගන්නා ලද මල් ගොවා ( cauliflower)
රතු සහ කහ වර්ණයෙන් යුතු බෙල් පෙපර් කැබලි
කුඩාවට කපා ගන්නා ලද බොන්චි කිහිපයක්
කුඩාවට කපා ගන්නා ලද ගෝවා කොළ කිහිපයක්
baby corn කිහිපයක්
කුඩාවට කපා ගත් හතු කිහිපයක්
නිවිති කොළ කිහිපයක්
එළවළු තම්බා ගත් වතුර මිලිලීටර් සියක්
කෝන්පිටි මේස හැන්ද
තල තෙල් තේ හැඳි බාගයක්.
Instructions
භාජනයක් ගෙන එයට වතුර දමා කැරට් මල්ගෝවා සහ බොන්චි විනාඩි දෙකක් තුනක් පමණ තම්බා ගන්න.
ඉන්පසු එය එළියට ගෙන සිසිල් වතුරෙහි බහා හොඳින් නිවෙන්න ඉඩහරින්න.පෑන් එකක් ගැන එයට තෙල් එකතු කරන්න ඉන්පසු ළූණු සුදු ළූණු ඉගුරු විනාඩියක් පමණ තෙම්පරාදු කර ගන්න.
එයට ඔබ කපාගන්නා සියලු එලවළු එකතුකර කවලම් කරන්න.
ඉන්පසු එළවලු තම්බා ගත් වතුර එකතුකර මදක් පිසෙන්න ඉඩ හරින්න
මේ අතර කෝන්පිටි තවත් වතුර ස්වල්පයක් සමඟ හොඳින් කවලම් කර ගන්න.
ඉන්පසු තෑම්බෙමින් පවතින එළවළු ිශ්‍රණයට කවලම් කර ගත් කෝන් පිටි ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔහු කරගන්න.
අවශ්‍ය ප්‍රමාණයට ලුනු ගම්මිරිස් එකතු කරන්න
අවසානයේ තලතෙල් එකතු කරන්න. ඒ වගේම නිවිති කොළ දමා කවලම් කොට මේසයට පිළිගන්වන්න.
Keyword
sinhala recipe, Vegetable Chopsuey, වෙජිටබල් චොප්සි