Gotupittu කැන්දකොල වන්ඩු හෙවත් ගොටුපිට්ටු,ආප්ප වන්ඩු
Gotupittu
Print Recipe
Course
Dessert
Cuisine
Aisan
Ingredients
හාල් පිටි ග්‍රෑම් 250
රතු සීනි ග්‍රෑම් 250
පොල්ගෙඩි එකයි
ලුණු තේ හැඳි එකයි
ආප්ප සෝඩා ස්වල්පයයි
Instructions
පලමුව පොල්ගා කිරිටික මිරිකාගන්න
හාල් පිටි වලට පොල් කිරි දමා ඝන මිශ්‍රණයක් වන ලෙස අනාගන්න.
මෙම මිශ්‍රණය පැය 3 පමණ පිපෙන්න තබන්න. * පැය 3කට පසු අනාගත් පිටි මිශ්‍රණයට ලුණු ස්වල්පයක් හා ආප්ප සෝඩා ස්වල්පයක් දමා ඝන මිශ්‍රණයක් සකසා ගන්න .(අවශ්‍යනම් පොල් ටිකක් එකතුකරගන්න)
මෙම මිශ්‍රණයද නැවත පැය දෙකක් පමණ පිපෙන්න තබන්න පසුව සීනි කැරමල් කර හෝ නිකන් දියකර එක්කරගන්න . (හොදින් පිපි ඇත්නම් පෙන දමයි)
ස්ටීමරය ලිප මත තබා, කුඩා බඳුන් වලට හෝ කැන්ද කොළ රවුම් කර ඉරටුවක් ගසා හෝ කොස් කොළ රවුම් කර එ මතට මිශ්‍රණය වක් කර පැයක් පමණ හුමාලයෙන් තම්බාගන්න.
හොදින් තැම්බුනු පසු උඩ්න් ඉරියයි,ඉරටුවක් මැදට ගසා අමු නැති බව තහවරු කර බාගන්න
Keyword
Gotupittu, sinhala recipe, ආප්ප වන්ඩු, කැන්දකොල වන්ඩු, ගොටුපිට්ටු