Masala Egg Curry | මසාලා එග් කරි

Egg masala recipe is a non vegetarian curry recipe made using boiled and fried eggs in onion tomato masala gravy to be eaten with rice. හැමදාම හදන බිත්තර කිරි හොද්දට වෙනස් රසයක්.
Print Recipe
Course Main Course
Cuisine Aisan

Ingredients
  

  • තම්බා කටු ඉවත් කරගත් බිත්තර 5
  • මහදුරු තේ හැඳි 2
  • කුරුඳු පොඩි කෑල්ලක්
  • චොප් කරගත් ළූණුගෙඩි 2
  • චොප් කරගත් තක්කලි ගෙඩි 2
  • තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැන්දක්
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  • කහ කුඩු තේ හැඳි 1/2
  • ගාගත් පොල් කප් 1/2
  • ලුණු
  • කොත්තමල්ලි කොළ මිටක්

Instructions
 

  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට මහදුරු, කුරුඳු එකතු කරල විනාඩියක් විතර බැදගන්න. ළූණු සහ ලුණු එකතු කරල ළූණු ටික දුඹුරු පැහැයට හුරු රන්වන් පැහැ වෙනකන් තෙම්පරාදු කරගන්න.
  • ඒකටම තක්කලි එක්ක ඉඟුරු සුදුළූණු එකතු කරන් හොඳින් මිශ්‍ර කරගෙන, තක්කලි ටික තැම්බෙනකම් අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න.
  • මේකට පොල් ටිකත් එකතු කරන් විනාඩි දෙක තුනක් මිශ්‍ර කරන ගමන් ලිපේ තියාගෙන, ලිපෙන් ඉවත් කරල නිවාගන්න. මේ මිශ්‍රණය වතුර ස්වල්පයක් එකතු කරල බ්ලෙන්ඩ් කරගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න ලිපේ තියල ඒකට හදාගත්ත මසාල මිශ්‍රණය එකතු කරගෙන බිත්තර සහ කොත්තමල්ලි කොළ ඇර අනෙක් සියල්ලම එකතු කරගෙන තෙල් ගතිය මතු වෙන තුරු පිස ගන්න.
  • එයට වතුර ටිකක් එකතු කරගෙන තම්බාගත් බිත්තර වල වෙන් නොවෙන විදියට පැලුම් කීපයක් දාගෙන බිත්තර ටිකත් එකතු කරගෙන හිඳෙනකම් මදගින්නේ පිසගන්න.අවසානයට කොත්තමල්ලි කොළ ටික උඩින් ඉසගන්න.
Keyword Masala Egg Curry, sinhala recipe, මසාලා එග් කරි